Monday, November 2, 2009

එක හැන්දෑවක..


කණාමැදිරි එළි පාර කියන
හැඟුම්බර හැන්දෑවක....
නුඹයි මායි දෑත් පටලගෙන
ඔහේ වැතිරිලා හිටිය මතකද..
ලඟ ලඟම ඇහෙන රැළි සද්දෙට වඩා
අපේ හද ගැස්ම වැඩි වෙද්දි...
කතාකරගන්න බැරි උනේ
වචන ඉවරවෙලා නෙමෙයි
කියාගන්න බැරි හින්ද කියල
තේරුම් ගන්නකොට...
නුඹෙ තොල්පෙති කොච්චර සිනිදුද කියල
මං දැනගන ඉවරයි..
මෙච්චර වෙලා වළාකුළුත් එක්ක
හුරතල් වෙවී හිටපු හඳත්
හිමීට එබිල බැලුවෙ...
උඹෙ හිනාව ඒ තරම් දුරට ඇහෙන්න ඇති....
හැබැයි ලැජ්ජාවෙන් රතු වෙලා තිබ්බ
ඔය මූණ දැකල...
මං ගැන නං මොනව හිතුවද දන්නෑ...