Wednesday, March 3, 2010

අමතකම නෑ...




නැවුම් හැඟුම්
අහිංසක බලාපොරොත්තු
නොඉඳුල් ප්‍රාර්ථනා
ගොන්නනක් පොදි බැඳන්...
දෙගිඩියාවෙන් සලිත වෙච්චි
හිත් පොඩි අස්සෙ හිරකරන්...
ඉමක් කොනක් නොපෙනෙන
නිල්ම නිල් පාට ආකාසෙ
ක්ෂිතිජ රේඛාවෙන් සීමා වෙන්නෑ කියල
ඔය පුන්චි හිත් වලට කාවද්දපු...
සියොත් රෑනක් වගේ උනුසුමට
එකට තුරුළු වෙලා හිටපු
එහෙව් අතීතෙකුත් තිබුන
මතකද දන්නෑ...

ඉතින්...අද ඒ ගුවන සිසාරා
සහෝදරත්වයේ ස්නේහ
වලා පටල අස්සෙන් පියඹනකොට
සියොලඟම දැවටෙනා
නිදහසේ සිහිල් සුලං රැල් වලට
හිරිවැටුනු කුලුඳුල් සිත් පොඩිති...
ඉබේ පියවුණු නෙතු පියන්...
පමා කරමු විවර කරන්නට
තව මොහොතක්...
විඳගන්න ඒ සොඳුරු අතීතයෙන්
නිමේශයක්........!