Saturday, October 31, 2009

සමාවෙයන්...


ලස්සනම ලස්සන හීනයක් වගේ
මගේ පාළු ලෝකයට මටත් හොරා ඇවිත්...
ආදරය කියන අකුරු හතර හොයන්න හදපු නුඹ..
ඔය නිල් කැට වගේ දිලිසෙන දඟකාර ඇස් දෙක
පුංචි කරල මං දිහා බලනකොට..
වෙනතක් බලගත්තෙ ඒ ඇස් වල තියන
අහිංසකකම දරාගන්න බැරි නිසාමයි...
නුඹ සොයපු ඒ සුන්දරත්වය
මගෙන් ඈත්වෙලා ගොඩක් කල් කියල
කියන්න හදපු හැමවෙලේම...
ඔය ඇස් දෙක මගේ වචන හොරකම් නොකලනම්..
අද උඹට මෙච්චර කඳුලු උනන එකක් නෑ...
හිත රිදුනනම් සමාවෙයන්...

Friday, October 30, 2009

කඳුළ..

Align Center

හරිම සීතලයි..
ඒකෙ තියන එහා මෙහා පේන
අව්‍යාජ ගතිය...
ඇස් දෙක පියාගන හිනාවෙන
ගොඩ දෙනෙකුට තේරෙන්නෙ නෑ..
දිලිසි දිලිසි කම්මුල් දිගේ
හමෝටම හොරෙන් රූටලා ගියාට..
දියවෙලා තියන කියාගන්න බැරි
අඳෝනාව දන්නෙ කතා කරන්න බැරි
හදවත විතරයිනෙ..
ඒක නිසා වෙන්නැති කඳුලු ඔය තරම්ම බර...
ඒ බර දන්න හිතකට අනික් හැම ඇහකම
තියන කඳුලු බර දනෙනවලු..