

හරිම සීතලයි..
ඒකෙ තියන එහා මෙහා පේන
අව්‍යාජ ගතිය...
ඇස් දෙක පියාගන හිනාවෙන
ගොඩ දෙනෙකුට තේරෙන්නෙ නෑ..
දිලිසි දිලිසි කම්මුල් දිගේ
හමෝටම හොරෙන් රූටලා ගියාට..
දියවෙලා තියන කියාගන්න බැරි
අඳෝනාව දන්නෙ කතා කරන්න බැරි
හදවත විතරයිනෙ..
ඒක නිසා වෙන්නැති කඳුලු ඔය තරම්ම බර...
ඒ බර දන්න හිතකට අනික් හැම ඇහකම
තියන කඳුලු බර දනෙනවලු..
කියගන්න බෑ කියන, වචන වලට නොපෙරලෙන හිත්................
ReplyDeleteඔය කඳුලු හොඳට අන්දුනද්දි උඹට දැනේවි කන්දුලෙන්ම උපන් මිනිස්සුත් අපි අතර ඉන්න බව.........
කදුළු ඒ තරම් බර කිසි කෙනෙකුට නොකීව හිර කරගෙන හිටපු ගොඩක් දේවල් කදුළු එක්ක එකතු වෙලා තියෙන නිසා වෙන්න ඇති...
ReplyDeleteසිරා මචං..
උඹ කදුළු ගැන මාර සොයා ගැනීමක් කරලා තියෙන්නේ...
ඇත්ත
ReplyDeleteඒත්.....
කඳුළු හලන
හැමෝගෙම කඳුළු
එක වගේ බර නෑ
කඳුලක බර දන්න හිත්
නිකරුනේ කඳුළු
හලන්නෙත් නෑ
එහෙව් හිතක්
ඉඳලා හිටලා
මුදා හරින කඳුලක
ලොකු කතාවක් තියෙනවා
නිකරුනේ කඳුළු හලන
හිත් වලට
ඒ කතාව
කියවන්නත් බෑ.
කඳුලු චුට්ටක්වත් හීතල නෑ
ReplyDeleteකඳුළු එක්ක දියවෙන්නෙ
හිත පතුලෙ ඉපදිච්ච හැඟීමක කතාවක් නිසා
ඒවා පිච්චිලා අළු වෙන තරම්ම උණුහුම්.....
ඇස් පියාන හිනාවුනත්
ඇස් ඇරගෙන හිනාවුනත්
කවුරුවත්ම දන්නෙ නෑ
කඳුල මොන වගේද කියලා
දන්නෙම නැතුව ඇස් අගිස්සෙන්
එළියට ගලනකල්.....
ඒත්
හැබෑවටම කඳුලක් ගලපු දාට
කවුරුත් බයයි ආයෙම කඳුලක් හෙලන්න
එක කඳුලු කැටේකට
හුඟක් දේ දිය කරන්න පුලුවන් හින්දා.........