Saturday, October 31, 2009

සමාවෙයන්...


ලස්සනම ලස්සන හීනයක් වගේ
මගේ පාළු ලෝකයට මටත් හොරා ඇවිත්...
ආදරය කියන අකුරු හතර හොයන්න හදපු නුඹ..
ඔය නිල් කැට වගේ දිලිසෙන දඟකාර ඇස් දෙක
පුංචි කරල මං දිහා බලනකොට..
වෙනතක් බලගත්තෙ ඒ ඇස් වල තියන
අහිංසකකම දරාගන්න බැරි නිසාමයි...
නුඹ සොයපු ඒ සුන්දරත්වය
මගෙන් ඈත්වෙලා ගොඩක් කල් කියල
කියන්න හදපු හැමවෙලේම...
ඔය ඇස් දෙක මගේ වචන හොරකම් නොකලනම්..
අද උඹට මෙච්චර කඳුලු උනන එකක් නෑ...
හිත රිදුනනම් සමාවෙයන්...

2 comments:

  1. නුඹෙ කවි නුඹෙ
    නුඹෙ සිත නුඹෙ
    එත්
    උඹ ලියන්නෙ....
    උඹත් එක්ක ප්ලෙන්ටිය බොන මටද
    උඹෙ සෙනෙහස අහිමි ඇයටද-
    සිරවටම දැනෙනව බන්-

    ReplyDelete
  2. ලස්සනම ලස්සන හීනයක් වෙලා හරි
    නුඹේ ලෝකයට ඇදෙන්න හිතුනේ
    නුඹෙන් ඈත් වුනා කියන ඒ සොඳුරු බව
    ඈත් වෙලා නෙවෙයි, නුඹ තුල ම
    කොහේදෝ හැංගිලා කියලා
    නුඹට කියලා දෙන්නයි..

    මගේ දඟකාර නෙත්
    නුඹේ නෙතු සමඟ පැටලෙන විට,
    නුඹ මගේ නෙත් මගනොහැරියා නම්
    නෙත් අග රැඳුණු
    ආදරයේ අහිංසක කඳුලු කැට වල උණුසුම
    නුඹේ හදවතට දැනෙන්න තිබුණා..

    ඔව්,
    මගේ හිත රිදුනා
    ඒ මං ගැන හිතලා නෙවෙයි
    මං හොයපු
    නුඹ ලඟ තියෙන
    ඒ සුන්දරත්වයෙන්
    නුඹ පලායන නිසා..

    මගේ ඇස් වලමෙච්චර කඳුලු,
    මගෙන් විතරක් නෙවෙයි
    ලෝකයෙන් ම ඒ සුන්දර බව සඟවලා
    දිනෙක නුඹ තනිවෙයි කියන බයට..

    ReplyDelete