Monday, November 2, 2009

එක හැන්දෑවක..


කණාමැදිරි එළි පාර කියන
හැඟුම්බර හැන්දෑවක....
නුඹයි මායි දෑත් පටලගෙන
ඔහේ වැතිරිලා හිටිය මතකද..
ලඟ ලඟම ඇහෙන රැළි සද්දෙට වඩා
අපේ හද ගැස්ම වැඩි වෙද්දි...
කතාකරගන්න බැරි උනේ
වචන ඉවරවෙලා නෙමෙයි
කියාගන්න බැරි හින්ද කියල
තේරුම් ගන්නකොට...
නුඹෙ තොල්පෙති කොච්චර සිනිදුද කියල
මං දැනගන ඉවරයි..
මෙච්චර වෙලා වළාකුළුත් එක්ක
හුරතල් වෙවී හිටපු හඳත්
හිමීට එබිල බැලුවෙ...
උඹෙ හිනාව ඒ තරම් දුරට ඇහෙන්න ඇති....
හැබැයි ලැජ්ජාවෙන් රතු වෙලා තිබ්බ
ඔය මූණ දැකල...
මං ගැන නං මොනව හිතුවද දන්නෑ...

2 comments:

  1. ආ තව කව් කාරයෙක්නේ. උඹ අපේ පොඩි එකෙක් කියල හිතාගන්න පුළුවනි ඒත් කව්ද කියල දනේනෙ නෑ. කව්රු උනත් දිගටම ලියපන් කවි ගැන අදහස් දැක්වීම මම තාවකාලිකව නතර කරලා තියෙන්නෙ. උඹේ බ්ලොග් එක සිංහල බ්ලොග් සංසදයටත් එකතු කරපන්.
    http://blogs.sinhalabloggers.com/add-blog/

    මේ word verification එකත් අයින් කරපන්. හරිම කරදරයි ඒක.

    ReplyDelete
  2. ඒ හැඟුම්බර හැන්දෑවේ...
    හැමදේම මතකයි...
    විසිතුරු පැහැබර වළාකුළු දිහා බලාගෙන
    මුදු වෙරළේ ඔහේ වැතිරිලා හිටියාත් මතකයි

    කියාගන්න බැරි
    හුඟක් දේවල්
    ඒ සුන්දරම සුන්දර
    නිමේෂයේ දී
    නුඹ මට කියලා දුන්නා කියලා
    මං හඳටත් කිව්ව හැටි
    නුඹට තාමත් මතකයි නේද?

    ඒ වෙරළෙදිම
    අපි අපිට තුරුළු වෙලා
    අපේ හදගැස්මට කන්දුන්න
    ඒ සොඳුරු නිමේෂයට
    නුඹ හැමදාමත්
    හුඟක් ආදරේ බව
    හඳත් දන්නවා

    ReplyDelete